රටවල් සහ කලාප කිහිපයක් සඳහා වන නව “අන්‍යෝන්‍ය තීරුබදු” පිළිබඳ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති Donald Trump අත්සන් කරයි.
ඊයේ (31) අත්සන් තැබුණු එම නියෝගයට අනුව, නව තීරුබදු 10% සිට 41% දක්වා පරාසයක පවතී. මේ අතර, සිරියාව වෙත 41% ක තීරුබදු පනවා ඇති අතර, බ්‍රසීලය සහ බ්‍රිතාන්‍යය සඳහා එම අගය 10% ක් ලෙස ප්‍රකාශ කර ඇත. එමෙන්ම ඉන්දියාවට 25% ක තීරුබදු පැනවීමටත්, ජපානය සහ ඊශ්‍රායලය ඇතුළු බොහෝ රටවල් සහ කලාප සඳහා තීරුබදු අනුපාතය 15% ක අගයේ පවත්වා ගැනීමටත් ඇමරිකාව තීර්ණය කර ඇත.
තවද, ලැයිස්තුගත කර නොමැති රටවල් සඳහා 10% ක තීරුබදු පනවන බවත් අදාළ නියෝගයේ සඳහන් වේ. තෙවන පාර්ශ්වයක් හරහා භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමෙන් තීරුබදු මඟ හැරියහොත්, අදාළ භාණ්ඩ වෙත 40% ක ප්‍රතිනැව්ගත කිරීමේ බද්දක් ද පනවන බව එහි වැඩිදුරටත් දක්වා ඇත.