චීන ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා හමුදා අභ්‍යවකාශ බලකාය, සයිබර් අභ්‍යවකාශ බලකාය, තොරතුරු සහාය බලකාය සහ ඒකාබද්ධ සැපයුම් සහාය බලකායේ ධජ සංඛේත නිකුත් කිරීම සම්බන්ධ නියෝගයකට අත්සන් තබයි.
අගෝස්තු 1 වන දිනට යෙදෙන හමුදා දිනය නිමිත්තෙන්, ජනාධිපති ෂී ජින් පිං මහතා මහජන විමුක්ති හමුදාවේ හා සන්නද්ධ පොලිස් බලකායේ සමස්ත නිලධාරීන් හා භටයන්ට, සමස්ත හමුදා සිවිල් කාර්යමණ්ඩලයට, සියලු හමුදා සංචිත බලකායන්ට සහ යුධ පුහුණව ලැබූ මහජන භටයන්ට සුබ පැතුම් පිරිනමා ඇත.
හමුදා ධජ පද්ධතියේ සංවර්ධනයේ අවශ්‍යතාවලට අනුවර්තනය වීම සඳහා, චීන මධ්‍යම යුද කොමිසම “හමුදා ධජ කළමනාකරණ රෙගුලාසි” සංශෝධනය කිරීමට ද විධානයක් නිකුත් කළේය.
මේ අතර ආයතන දෙකක් සහ පුද්ගලයන් පස්දෙනෙකු අගය කරමින් සම්මාන ලබා දීමේ නියෝගයකට ද ෂී ජින් පිං මහතා අත්සන් තැබීය.
ඒ අනුව චීන මහජන විමුක්ති හමුදාවේ 63920 හමුදා ඒකකයේ 2 වැනි පන්තියට පළමු ශ්‍රේණියේ රණශූරත්වය පිරිනමා ඇති අතර චීන මහජන විමුක්ති හමුදාවේ 92853 හමුදා ඒකකයේ Ding Yang මහතාට ජාතිකාරක්ෂක විද්‍යා තාක්ෂණ පිළිබඳ පළමු ශ්‍රේණියේ රණශූරත්වය පිරිනැමීය.