26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන විදේශ ඇමති සහ ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිල නියෝජිත හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, ඊයේ (30) ‍බෙයිජිං හිදී ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිත පිරිසක් හමුවිය.

වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, ඇමරිකාව කෙරෙහි චීනයේ ප්‍රතිපත්තිය සැමවිටම අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වා ගෙන යන බවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය යහපත් සහයෝගීතාවය යන මූලධර්ම තුනට අනුකූලව, චීනය ඇමරිකාව සමඟ සබඳතා ඉදිරියට ගෙන යන බව ඔහු පැවසීය. ඇමරිකාව සමඟ, සන්නිවේදන ශක්තිමත් කිරීමෙන් වැරදි විනිශ්චයන් වළක්වා ගැනීමට මෙන්ම, වෙනස්කම් කළමනාකරණය කිරීමේදී සහයෝගීතා  ගවේෂණයට, චීනය කැමැත්තෙන් සිටී. චීන-ඇමරිකා සබඳතා වර්ධනයට සහ දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සඳහා, ඇමරිකානු කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව නව ධනාත්මක දායකත්වයක් ලබා දීමට ද බලාපොරොත්තු වන බව, වං යී මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දක්වමින් ඇමරිකානු පාර්ශ්වය පෙන්වා දුන්නේ, සිය කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව, චීනය තුළ මුල් බැස ගනිමින් දායකත්වය ලබා දීම අඛණ්ඩව සිදු කරනු ඇති බවයි. ඇමරිකා-චීන සබඳතා වඩාත් ශක්තිමත්, සමබර සහ අන්‍යෝන්‍ය වශයෙන් යහපත් දිශානතියක් ඔස්සේ වර්ධනය කිරීමට, ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලය ද කැමැත්තෙන් සිටින බව ඔවුහු එහිදී වැඩිදුරටත් කියා සිටියහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here