26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන ජනපති ආර්යාව චීන -ඇමරිකා මිත්‍රත්වයේ තරුණ දායකත්වය අගය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනපති ආර්යා Peng Liyuan මහත්මිය 2025 චීන-ඇමරිකා තරුණ හුවමාරු “Kuliang හි සබඳතා” නමැති උත්සවය අමතයි. එම උත්සවය ඊයේ (17) පස්වරුවේ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමයේදී පැවැත්විණ. Peng Liyuan මහත්මිය චීන සහ විදේශීය අමුත්තන් සමඟ එක්ව “Kuliang හි සබඳතා” තේමාවෙන් යුතු චීන-ඇමරිකානු තරුණ ගායනා සතියට අදාළ උත්සවයේ වීඩියෝව ද නැරඹුවාය.සිය කතාවේදී Peng Liyuan මහත්මිය පැවසුවේ සියවසක් පුරා දිවෙන Kuliang කතාව සහ ෂී ජින් පිං ජනාධිපතිවරයා හා ඇමරිකාවේ Iowa ප්‍රාන්තයේ ඔහුගේ පැරණි මිතුරන් අතර වසර 40 ක් පුරා පැවති ගැඹුරු මිත්‍රත්වය, චීන සහ ඇමරිකානු ජනතාව අතර මිත්‍රත්වයේ පැහැදිලි පිළිබිඹුවක් බවයි. “ඉදිරි වසර පහ තුළ හුවමාරු හා අධ්‍යයන සඳහා ඇමරිකානු තරුණයින් 50,000 කට චීනයට ආරාධනා කිරීමේ” මුලපිරුම ෂී ජින් පිං මහතා යෝජනා කිරීමෙන් පසු වසරකට වැඩි කාලයක් තුළ, බොහෝ ඇමරිකානු තරුණයින්ට චීනය නැරඹීමට ආරාධනා කර තිබේ. චීන-ඇමරිකා තරුණයින් දෙර‍ටේ මිත්‍රත්වයේ උරුමකරුවන් සහ සාමය හා මිත්‍රත්වයේ ප්‍රවර්ධකයින් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, චීනය සහ ඇමරිකාව අතර මිත්‍රත්වයේ පාලමක් ගොඩනඟා, දෙරටේ දීප්තිමත් අනාගතයට ඔවුන්ගේ තරුණ ශක්තිය දායක කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here