30.6 C
Colombo
Friday, February 27, 2026

වසරේ මුල් භාගය තුළ චීනයේ භාණ්ඩ වෙළඳාමේ වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ මුල් මාස 06 තුළ, චීනයේ භාණ්ඩ වෙළඳාමේ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 21.79ක් වන අතර, පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී එය 2.9%ක වර්ධනයක් පෙන්නුම් කරයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (14) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණ කළේය. මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ වුව ද, චීනයේ විදේශ වෙළඳාම තුළ පවතින දැඩි නම්‍යශීලීත්වය හා ඉහළ මට්ටමේ වර්ධනය ඉන් පිළිබිඹු කෙරේ.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමට එක් වූ සිය වෙළඳ හවුල්කරුවන් සමඟ ඉකුත් මාස 06 තුළ චීනය සිදු කර ඇති ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 11.29 කි. මෙය පසුගිය වසරේ එම කාලයට වඩා 4.7%ක වැඩි වීමකි. එම අගය සමස්ත විදේශ වෙළඳ ගනුදෙනු වලින් 51.8%ක අගයක් ගන්නා බව චීන රේගු මහ පරිපාලනය මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

එසේ ම, වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව පසුගිය මස එළැඹි ‘ලන්ඩන් රාමුව’ට අනුගතව එය මේ වනවිට ක්‍රියාවට නංවමින් සිටින බව ද චීන රේගු මහ පරිපාලනයේ උප ප්‍රධානී Wang Lingjun මහතා එහිදී පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here