26.3 C
Colombo
Thursday, August 21, 2025

තායිවාන හමුදා අභ්‍යාස එහි ජනතාව අනතුරේ හෙළීමක් බව චීනය අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තායිවාන ප්‍රදේශයේ ඊයේ (09) දින ආරම්භ වූ හමුදා අභ්‍යාස, තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත කලාපයේ සාමය සහ ස්ථාවරත්වය තවදුරටත් අඩපණ කරමින් එහි වෙසෙන ජනතාවගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට අනතුරුදායක තත්ත්වයක් ඇති කරන බව චීනය පවසයි.

චීන රාජ්‍ය කවුන්සිලයේ තායිවාන් කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා මහතා මේ අදහස් පළ කළේ, මාධ්‍ය හමුවක දී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය.

තායිවානය මීට පෙර සිදු කළ හමුදා අභ්‍යාසයන්ට වඩා දිගු කාලයක් මෙම අභ්‍යාස සිදු කෙරෙනු ඇති බවත් වඩා වැඩි පිරිසක් ඊට එක්ව ඇති බවත් වාර්තා වේ.

තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ (DPP) බලධාරීන් මුරණ්ඩු ලෙස සිය “තායිවාන නිදහස” බෙදුම්වාදී ස්ථාවරයක් තුළම සිටිමින්, යළි යළිත් මහජන සම්පත් නාස්ති කරමින්, තායිවාන ජනතාව යුදමය වාතාවරණයකට ඇද දමා ඇති බව චෙන් බින්හුවා මහතා පෙන්වා දී ඇත.

එමෙන්ම DPP බලධාරීන් කෙතරම් උත්සාහ කළ ද, “තායිවාන නිදහසේ” නොවැළැක්විය හැකි අසාර්ථකත්වය ඔවුන්ට වෙනස් කළ නොහැකි බවත්, ජාතිය නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවයට බාධාවක් විය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here