ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර වෙනුවෙන් විශේෂ කලා ප්‍රසංගයක් ලබන සැප්තැම්බර් 03 වැනිදා රාත්‍රියේ බෙයිජිං නගරයේ දී පැවැත්වෙයි.
එම ප්‍රසංගය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සහ චීන මාධ්‍ය සමූහය ඇතුළු ආයතන කිහිපයක සම දායකත්වයෙන් පැවැත්වෙනු ඇත. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(03) උදෑසන බෙයිජිං හිදී ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර සඳහා පැවැත්වීමට නියමිත අදාළ ප්‍රදර්ශන, වැඩමුළු හා විකාශන කෙරෙන කලාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මේ බව සඳහන් කළේය.
එහිදී චීන මාධ්‍ය සමූහයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Wang Xiaozhen මහතා එම සංවත්සර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ ප්‍රචාරක වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේය. ඒ අනුව විශේෂ කලාත්මක වැඩසටහන්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට හා නාට්‍ය වැඩසටහන් බහුවිධ භාෂාවලින් ඉදිරිපත් කිරීමට නියමිත ය. එමගින් ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධයේ ජයග්‍රහණයෙන් පිළිබිඹු කෙරෙන විශිෂ්ටත්වය, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය වෙනුවෙන් චීන ජනතාවගේ ඉමහත් කැපවීම් විද්‍යමාන කිරීමට චීන මාධ්‍ය සමූහය පෙනී සිටින බව ද ඔහු පැවසීය.
ඊට සමගාමීව, අදාළ කලාත්මක වේදිකා රංගන, සිතුවම් ප්‍රදර්ශන ද මෙම මස සිට පැවැත්වීමට නියමිත ව ඇත.