චීන ජාතික තරුණ සංගමයේ 14 වන කමිටුවේ පූර්ණ රැස්වීමට සහ ජාතික ශිෂ්‍ය සංගමයේ 28 වන නියෝජ්‍ය රැස්වීමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් ලිපියක් යොමු කරයි.
අද (2) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භ වූ එම රැස්වීම් දෙකට ෂී ජින් පිං මහතා සුබ පැතුම් ලිපියක් යොමු කරමින් සියලු චීන තරුණයන් හා සිසුන් වෙත සිය ශුභාශිංසන පිරිනැමීය.
ගෙවි ගිය වසර 5 තුළ, තරුණ තරුණියන් සහ සිසුන්ගේ දක්ෂතා හා ශක්තිය සමාජයට දායක කරවීම සඳහා එම සංගම් දෙක ක්‍රියාශීලීව කැපවූ බව ෂී ජින් පිං මහතා සුබ පැතුම් ලිපියෙන් පෙන්වා දෙයි. නව යුගයේ චීන තරුණ පරපුරේ ධනාත්මක චින්තනය ඉන් පෙන්නුම් කෙරෙන බව ද එම ලිපියේ දැක්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ විවිධ ස්ථරයන් හි සංවිධාන, තරුණයින්ගේ කටයුතු කෙරෙහි නායකත්වය ශක්තිමත් කළ යුතු අතර, එම සංගම් දෙකෙහි කාර්යයන්ට සහයෝගය හා සැලකිල්ල දැක්විය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත. එමෙන්ම සංගම් දෙක නිවැරදි දේශපාලන දිශානතියේ දැඩිව රැඳී සිටිමින් ප්‍රතිසංස්කරණය හා නවෝත්පාදනය ගැඹුරු කළ යුතුය. පක්ෂයේ මඟ පෙන්වීම යටතේ, තරුණයන් සහ ශිෂ්‍යයන් වඩා එක්සත්ව නව ගමනක නව ජයග්‍රහණ අත්පත් කර ගැනීමට දායක විය යුතු බව ෂී ජින් පිං මහතා කියා සිටී.