26.1 C
Colombo
Thursday, August 21, 2025

“චීනයේ නිෂ්පාදිත” සිට “චීනයට ආවේණික වෙළඳ නාම” දක්වා වන ජයග්‍රහණය, උසස් තත්ත්වයේ සංවර්ධනයේ ප්‍රතිඵලයක්- චීනය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“චීනයේ නිෂ්පාදිත” සිට “චීනයට ආවේණික වෙළඳ නාම” දක්වා ජයග්‍රහණය උසස් තත්ත්වයේ සංවර්ධනයේ අනිවාර්ය ප්‍රතිඵලයක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය කියා සිටියාය.

මෑතකදී බොහෝ චීන වෙළඳ නාම විදේශය පරිභෝගිකයින්ගේ ආකර්ෂණයට ලක්ව  ඇති බවත් චීන නිෂ්පාදන බටහිර වෙළඳ නාම අනුකරණය කිරීමේ යුගයට සමු දී ඇති බවත් අද(2) බෙයිජිංහි පැවති චීන විදේශ අමාත්‍යංශයේ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් සඳහන් කළේය.මෙය අගයන්නේ කෙසේ දැයි ඔහු එහිදී විමසීය.

සැබවින්ම චීන වෙළඳ නාම, සිය ඉහල තාක්ෂණය, ගැඹුරු සංස්කෘතික පදනම, නිර්මාණ ප්‍රබෝධ හැඟීම සහ දෙස් විදෙස් මිශ්‍ර සංකල්පීය වටිනාකම් සමඟ, වැඩි වැඩියෙන් විදේශීය පාරිභෝගිකයින්ගේ ප්‍රසාදය දිනා ගෙන තිබෙන බව මාඕ නිං මහත්මිය කියා සිටියාය. සම්පූර්ණ කාර්මික පද්ධතිය, සාධාරණ හා විවෘත වෙළඳපල පරිසරය සහ දිගුකාලීන නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය යන සාධක හමුවේ ඉටු වන උසස් තත්ත්වයේ සංවර්ධනය, එහි ප්‍රධානම හේතුව බව ද ඇය  පෙන්වා දුන්නාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here