26.1 C
Colombo
Thursday, August 21, 2025

‘සමගිය සහ අරගලය චීන ජනතාව‍ගේ ඓතිහාසික ශ්‍රේෂ්ඨත්වය නිර්මාණය කිරීමට ඇති එකම මාර්ගය’ මැයෙන් චීන ජනපතිගේ වැදගත් ලිපියක් පළ කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා විසින් රචිත ‘සමගිය සහ අරගලය චීන ජනතාව‍‍ගේ ඓතිහාසික ශ්‍රේෂ්ඨත්වය නිර්මාණය කිරීමට ඇති එකම මාර්ගය’නමැති  වැදගත් ලිපිය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එය ජූලි 1 වනදා Qiushi සඟරාවේ 13 වන කලාපයේ පළ කෙරේ. මෙය, 2016 ඔක්තෝබර් මාසයේ සිට 2025 අප්‍රේල් මාසය දක්වා ෂී ජින්පිං මහතාගේ වැදගත් ප්‍රකාශ හා ලිපිවලින් උපුටා ගෙන සැකසුනු ලිපියකි.

චීන ජනතාව සමගිය සහ අරගලයේ ශ්‍රේෂ්ඨ ආත්මයකින් යුත් ජනතාවක් බව එම ලිපිය අවධාරණය කරයි. පක්ෂය සහ ජනතාව ලබා ගත් සියළු ජයග්‍රහණ සමගියේ සහ අරගලයේ ප්‍රතිඵලයන් වන අතර සමගිය සහ අරගලය චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන ජනතාවගේ වඩාත්ම කැපී පෙනෙන ආධ්‍යාත්මික සංකේත වේ.

චීන මාදිලියේ නවීකරණය සියළු ජනතාවගේ පොදු ව්‍යායාමයකි. එය අවදානම් සහ අභියෝගවලින් පිරුණු මහා ව්‍යායාමයක් බැවින්, ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම අත්‍යවශ්‍යය. එය ඉටු කිරීමට සමස්ත ජනතාවගේ පොදු සහභාගීත්වය හා පොදු සංවර්ධනය අවශ්‍ය වන අතර එහි ප්‍රතිඵලයන් ද සමස්ත ජනතාව විසින් පොදුවේ භුක්ති විඳිය  යුතුය.

පක්ෂයේ නායකත්වය යටතේ, රටේ සමස්ත ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව එකමුතු වී, නිර්භීතව සටන් කළහොත්, ඉදිරි මාර්ගයේ ඇති ඕනෑම දුෂ්කරතාවයන් සහ අභියෝගයන් ජය ගත හැකි ය. ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනයේ ශ්‍රේෂ්ඨ අරමුණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඉන් හැකි වනු ඇති බව ෂී ජින්පිං මහතාගේ එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here