චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු තීරණ ගැනීම සහ උපදෙස් දීම පිළිබඳ පරිපාලන ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගැනේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද(30) පැවැත්වූ රැස්වීමකදී මේ බව ප්‍රකාශයට පත් කළේය. අදාළ කාර්ය රේගුලාසි සම්පාදනය කිරීමෙන් එම ආයතනය ස්ථාපිත කර එහි වගකීම් නියම කිරීම සිදු කෙරෙනු ඇත.
එම ආයතනය පිහිටුවීම, ප්‍රධාන කාර්යයන් කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකාබද්ධ නායකත්ව වර්ධනය සහ ප්‍රධාන කාර්යයන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනයට බලපාන වැදගත් ආයතනික පියවරකි. අදාළ කාර්ය රේගුලාසි සම්පාදනය කිරීම, ප්‍රධාන කාර්යයන්හි සමස්ත සැලසුම, සම්බන්ධීකරණය, ක්‍රියාවට නැංවීම, අධීක්‍ෂණයට ඉතා වැදගත් බව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.
එම ආයතනය තම වගකීම් නිවැරදිව ග්‍රහණය කර, ප්‍රධාන කරුණු වෙත අවධානය යොමු කරමින් වඩාත් ඵලදායී නායකත්වයක් සහ සම්බන්ධීකරණයන් පවත්වා ගත යුතු බව ද එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ.