චීන මාධ්‍ය සමූහය සහ ඉතාලියේ Tuscany පළාතේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව නිෂ්පාදනය කරන ලද “Tuscany, travel in a never ending” නමැති වාර්තා චිත්‍රපටය, ඊයේ(26) එම පළාතේ Firenze අගනුවර එළිදැක්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ඉතාලියේ Tuscany සංචාරක දෙපාර්තමේන්තු ප්‍රධානියා සමඟ, මෙම වාර්තා චිත්‍රපටයේ එළිදැක්වීමේ උත්සවයට එක්වූහ. ඒකාබද්ධ රූගත කිරීම්, සංස්කෘතික සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව, ඔවුහූ එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ.
වාර්තා චිත්‍රපටය කොටස් 8 කින් සමන්විත වන අතර, සෑම කොටසකම කාලය විනාඩි 30කි. ආහාර සංස්කෘතිය, සංචාරක අත්දැකීම්, කලාත්මක නිර්මාණය, ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය යන අංශවලින්, චීන සහ ඉතාලි ජනතාව අතර අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර හුවමාරු හා අවබෝධය පිළිබඳ කතාවන්, මෙම වාර්තා චිත්‍රපටයෙන් කියැවේ. මෙම වැඩසටහන ඉතාලියේ Italia7 ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වේදිකා කිහිපයක විකාශය කෙරේ.