චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ යාවජීව ගෞරවනීය සභාපති Thomas Bach මහතා සහ එම කමිටුවේ නව සභාපතිනි Kirsty Conventry මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වයි. ඊයේ (23) ස්විට්සර්ලන්තයේ ලෝසාන් හිදී පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිත්වය භාරදීමේ උත්සවයට අනතුරුව එම සාකච්ඡාව සිදු කෙරිණ.
විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කොට නව ආකාරයේ තරඟාවලි විකාශනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණියහ.
මෑත වසරවලදී, චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේය. ගෝලීය ප්‍රේක්ෂකයින්ට අයිස් සහ හිම ක්‍රීඩා සම්බන්ධයෙන් අපූරු ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ගෙන ඒම සඳහා, 2026 මිලාන් ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අති නවීන 8K තාක්ෂණයත් සමඟින් නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී වන ලොව එකම මාධ්‍ය සංවිධානය ලෙස චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
ඔලිම්පික් තරඟාවලිය සඳහා වන දිගුකාලීන සහයෝගය සහ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් Thomas Bach මහතා චීන මාධ්‍ය සමූහයට සහ Shen Haixiong මහතා ට ස්තුතිය පළ කළේය. දෙපාර්ශ්වය අනාගතයේදී සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, ඔලිම්පික් ක්‍රීඩා හා සංස්කෘතිය ජනප්‍රිය කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බව ද Bach මහතා වැඩිදුරටත් පැවසීය.
චීන මාධ්‍ය සමූහය සැමවිටම වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ද්විපාර්ශ්වික මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් සහයෝගීතාව ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින බව Kirsty Conventry මහත්මිය එහිදී කියා සිටියාය.