26 C
Colombo
Friday, August 22, 2025

9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ගනුදෙනු යුවාන් බිලියන 8 ඉක්මවයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගියදා ආරම්භ වූ 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හරහා සිදුව ඇති වෙළඳ ගනුදෙනු ප්‍රමාණය මේ වන විට යුවාන් බිලියන 8.66 ඉක්මවා ඇත.

නිරිතදිග චීනයේ යුන්නාන් පළාතේ කුන්මිං නගරයේ ඊයේ (23) දින පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් විය.

මෙහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කරමින් පළාත් වාණිජ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (23) දිනය වන විට සමස්ත ගිවිසුම් 163 ක් සඳහා අත්සන් තබා ඇති බව ය.

ඊට යුවාන් බිලියන 8.3ක් වටිනා ගිවිසුම් 150ක්, යුවාන් මිලියන 213ක් වටිනා නියමයන් හා කොන්දේසි සහිත ලිපි 12 ක් සහ යුවාන් මිලියන 150 ක් වටිනා ප්‍රසම්පාදන ගිවිසුමක් ද ඇතුළත් වේ.

මෙම ගනුදෙනු කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන, ඛනිජ, රසායනික ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ උපකරණ මෙන්ම ඇඟලුම්, පාවහන් සහ හිස් වැසුම් යනාදිය ආවරණය කරයි.

සැපයුම් දාම සේවා, ජාත්‍යන්තර සැපයුම්, විදේශීය ගබඩා ඉදිකිරීම් සහ ස්මාර්ට් වරාය පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ සහයෝගිතා ගිවිසුම් 20 කට අධික සංඛ්‍යාවක් සඳහා මෙම ප්‍රදර්ශනය පහසුකම් සපයා තිබේ.

ජුනි මස 19 වන දින සිට 24 වන දා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ලොව පුරා ජාත්‍යන්තර සංවිධාන, කලාප සහ රටවල් 73ක් නියෝජනය කරමින් සහභාගිවන්නන් ආකර්ෂණය කර ඇත.

මෙවර ප්‍රදර්ශනය වෙනුවෙන් දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල් සියල්ල ආවරණය කරමින් 2,500 ඉක්ම වූ ව්‍යව‍සායන් එක්ව සිටී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here