ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ පවතින ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් සහිත මධ්‍යස්ථාන වෙත ඇමරිකාව එල්ල කරන ලද ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙළා දකී.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් විසින් මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.
ඇමරිකාවේ මෙම පියවර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණ සහ මූලධර්මය මෙන්ම ජාත්‍යන්තර නීතිය ද බරපතල ලෙස උල්ලංඝණය කරන අතර එය මැද පෙරදිග ආතතීන් වඩාත් උග්‍ර කරනු ඇතැයි ඔහු කියා සිටියේය.
සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සටන් විරාමයක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට සාකච්ඡා අරඹන ලෙස චීනය ගැටුමට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගෙන්, විශේෂයෙන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී. එමෙන්ම මැදපෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා ජගත් ප්‍රජාව සමඟ එක්ව උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.