26 C
Colombo
Friday, August 22, 2025

පොදු ඉරණමක් වෙනුවෙන් පෙළ ගැසෙන චීනය හා මධ්‍යම ආසියාව

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා‍ගේ ඇරයුමකට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (16) සිට ලබන 18 වනදා දක්වා එරට අස්ටානා නුවරදී පැවැත්වෙන දෙවැනි චීන-මධ්‍යම ආසියා සමුළුවට එක් වනු ඇත.

2016 වසරේ ජූනි මස ෂී ජින්පිං මහතා උස්බෙකිස්ථානයේ පාර්ලිමේන්තුවේ නීති සාම්පාදක මණ්ඩලයේදී කළ දේශනයේදී “හිස් බෑගයකට නැගී සිටිය නොහැකිය ” යන එ‍රට පිරුළක් උපුටා දැක්වීය. ඉන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ.

මේ වනවිට චීනය හා මධ්‍යම ආසියානු රටවල් 5ක් අතර අංග සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතා ස්ථාපිත කර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට අදාළ සහයෝගිතා ගිවිසුම් වෙනුවෙන් අත්සන් තබා ඇත. ඉන් පොදු ඉරණමක් සහිත ‍මානව ප්‍රජාව ගොඩනැංවීමේ හවුල් සංකල්පය අනුගමනය කිරීම සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබේ.අන්‍යෝන්‍ය සබඳතා සහ සන්නිවේදනය ගැඹුරු කිරීම, ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීම හා බලශක්ති සහයෝගිතා වර්ධනය මගින් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයගහ්‍රණය සහිත සුන්දර අනාගතයක් වෙනුවෙන් චීනය හා මධ්‍යම ආසියානු රටවල් සංවර්ධන මාර්ග බිහි කර තිබේ.උපරිම උත්සාහ කළොත් කුඹුරේ රත්රන් වැවිය හැකි බව චීනයේ පැරණි පිරුළකින් පැවසේ. මධ්‍යම ආසියානු පිරුළකට අනුව, ඔබගේ උත්සාහයට මනා ඵලයක් ලැබෙන අතර ඔබේ වගාවට අස්වැන්න ලැබීමද නියතය. පළමු වැනි චීන-මධ්‍යම ආසියා සමුළුවේදී ෂී ජින්පිං මහතා එම පිරුළු භාවිත කරමින් රටවල් 6ට වඩාත් සුන්දර අනාගතයක්  වෙනුවෙන් ප්‍රාර්ථනා එක් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here