පසුගිය මැයි මාසයේ චීන ජාතික ආර්ථිකයේ මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කෙරේ.
චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය මැයි මස ජාතික ආර්ථික මෙහෙයවීමේ තත්ත්වය දැනුවත් කළේය.
වඩාත් සක්‍රිය සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමත් සමග ගතවූ මැයි මස බලපෑ විවිධ තත්ත්වයන් මධ්‍යයේ චීන ආර්ථික මෙයෙවීම ස්ථාවර තත්ත්වයක පැවතිණ.නිෂ්පාදන අවශ්‍යතාවන් ස්ථිර ලෙස වර්ධනය වී රැකියා නියුක්තිය සමස්ත වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවති බවද අදාළ නිලධාරීන් පැවසීය. එමෙන්ම ආර්ථිකයේ නව ශක්තිය ප්‍රවර්ධනය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය යහපත් මෙන්ම නවෝත්පාදන දිශානතිය කරා වර්ධනය වෙමින් පවතී.
අදාළ දත්තයන්ට අනුව, කර්මාන්ත නිෂ්පාදනය ස්ථීර ලෙස වර්ධනය වීමක් දක්නට ඇත.ඉන් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තය හා අධි තාක්ෂණ කර්මාන්තයේ වර්ධනය කැපී පෙනේ. ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 5.8කින් වැඩි වූ අතර එය අප්‍රේල් මාසයට වඩා සියයට 0.61 කින් වර්ධනය විය.
ගතවූ මැයි මාසයේ දී,චීන ජාතික සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 6.2% කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, වෙළඳපොළ අලෙවිය සැලකිය යුතු ලෙස පුනරුත්ථාපනය වෙමින් පවතී. පැරණි භාණ්ඩ වෙනුවට නව භාණ්ඩ මිලදී ගැනීමේදී ක්‍රියාත්මක අනුග්‍රාහී ප්‍රතිපත්ති හා සම්බන්ධ අලෙවිය වේගයෙන් වර්ධනය වී ඇත. ස්ථාවර වත්කම් ආයෝජනය අඛණ්ඩව පුළුල් වී නිෂ්පාදන ආයෝජනයේ ද වේගවත් වර්ධනයක් දක්නට ඇත.