26 C
Colombo
Friday, August 22, 2025

චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය හරහා වැඩි පිරිසකට සෘජු ප්‍රතිලාභ දීමට චීනය සූදානම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන-අප්‍රිකා සහයෝගීතා සංසද ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳ අමාත්‍ය මට්ටමේ සම්බන්ධීකාරක සමුළුව චීනයේ Hunan පළාතේ Changsha නගරයේ පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඊයේ (11) පැවති එම සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුභපැතුම් පණිවුඩය ඉදිරිපත් කළේය. චීන අප්‍රිකානු සහයෝගිතා සංසදයේ සාමාජික රටවල ඇමතිවරුන්, අප්‍රිකානු ලීග කමිටුවේ නියෝජිතයන් සහ චීනයේ අප්‍රිකානු රටවල තානාපතිවරුන් ඊට සහභාගි වී තිබේ.

චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් ස්වයං-ශක්තිය විය යුතු අතර ගෝලීය දකුණු එකමුතුව සඳහා ආරක්ෂා කරන්නන් ලෙසත් ජාත්‍යන්තර නිදහස් වෙළඳ මුලපුරන්නන් ලෙසත් ගෝලීය වර්ධන සහයෝගිතාවට සහභාගිවූවන් ලෙසත් ක්‍රියාත්මක විය යුතු බව වං යී මහතා එහිදී අවධාරණය කළේය.

කොංගෝ ජනරජයේ විදේශ ඇමතිවරයා හමු වූ අවස්ථාවේදී වං යී මහතා පැවසුවේ, අප්‍රිකාව සමග එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම සහ පොදුවේ සංවර්ධන කටයුතු සඳහා දායක වෙමින් අප්‍රිකා වෙළඳපොල වෙත තවදුරටත් විවෘත කිරීම චීනය නිශ්චිතවම ක්‍රියාත්මක කරන බවයි. ඉන් අප්‍රිකානු ජනතාවගෙන් වැඩි පිරිසකට ඍජුව ප්‍රතිලාභ ලබා ගත හැකි බව වං යී මහතා වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here