චීනය හරිත සංවර්ධනයේ ස්ථිර ක්‍රියා කරන්නෙකු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (5) පැවති මාධ්‍ය හමුවේදී අදට යෙදෙන ලෝක පරිසර දිනය සම්බන්ධයෙන් මෙම අදහස් පළ කළේය.ජෛව පරිසර පරිපාලන ක්ෂේත්රයේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන චීනය ලෝකයේ විශාලතම මෙන්ම වේගයෙන්ම සංවර්ධනය වන පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ගොඩනගා තිබේ.එමෙන්ම චීනය ලෝකයේ විශාලතම හා සම්පූර්ණ නව බලශක්ති කර්මාන්ත දාමය චීනය ස්ථාපිත කර ඇතැයි ද හෙතෙම පැවසීය.
ගෝලීය හරිත පරිවර්තනය සඳහා වැදගත්ම දායකයා ලෙසට චීනය හැඳින්විය හැකිය.චීනය ලෝකයට ලබා දෙන ප්‍රකාශ වෝල්ටීයතා උපකරණ දායකත්වය සියයට 80කට වැඩි සංඛ්‍යාවක් හා සුළං විදුලි උපකරණ සියයට 70ක් සැපයුම් බවද හෙතෙම සඳහන් කළේය.
පාරිසරික ප්‍රමුඛතාවය හා හරිත සංවර්ධනය චීනය අනුගමනය කරයි. ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව පොදුවේ මෙන්ම වෙනස්කම් සහිත වගකීම් භාර ගන්නා චීනය පිරිසිදු, සුන්දර හා තිරසර ලෝකය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පවසා ඇත.