28.2 C
Colombo
Friday, August 22, 2025

පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍යතන්ත්‍රික සබඳතාව ඉහළ නැංවීම පිළිබඳව චීනයේ ප්‍රසාදය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍යතන්ත්‍රික සබඳතාව ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රශංසා පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(4) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. මෑතකදී පාකිස්ථාන-ඇෆ්ගනිස්ථාන සබඳතාව තානාපති මට්ටම සබඳතාව දක්වා ඉහළ නංවන බව පාකිස්ථාන රජය හා ඇෆ්ගනිස්ථාන තාවකාලික රජය ප්‍රකාශ කළේය. එය පිළි ගන්නා චීනය ඊට ප්‍රශංසා පළ කළ බව හෙතෙම පැවසීය.

දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට,සහයෝගිතා ශක්තිමක් කිරීමට මෙන්ම පොදුවේ ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට එය ඉවහල් වන බවද හෙතෙම සඳහන් කළේය.  එමෙන්ම එය දෙපාර්ශ්වය ගතවූ මැයි මස පැවති චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ නිල නොවන රැස්වීමේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් පියවරක් බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here