27.7 C
Colombo
Friday, August 22, 2025

හාවඩි විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේ තහනම අත්හිටුවීමට එරට ෆෙඩරල් අධිකරණයකින් පියවර

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන, ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේ තහනමට අදාළ ප්‍රතිපත්තිය අත්හිටුවීමට එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු පියවර ගෙන ඇත.

ඊට අදාළ තාවකාලික තහනම් නියෝගයක් දීර්ඝ කිරීමට ඊයේ (29) දින එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් පියවර ගැනීමත් සමඟ ‍මෙම අත්හිටුවීම සිදුව තිබේ.

මෙම තාවකාලික තහනම් නියෝගයෙන් පසුව අවසාන මූලික වාරණ නියෝගයක් නිකුත් කරනු ඇති බව වාර්තා වේ.

හාවඩ් විශ්වවිද්‍යාලයේ ආගන්තුක ශිෂ්‍ය හා හුවමාරු සහතික පත්‍ර වැඩසටහන අවලංගු කරන බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය 22 වන දා නිවේදනය කළ අතර, ඒ සමඟින් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් විය.

අනතුරුව මැයි මස 23 වන දින, හාවඩ් විශ්වවිද්‍යාලය ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩුවක් ගොනු කළ අතර එදිනම, ට්‍රම්ප් පරිපාලනයේ තහනමට එරෙහිව තාවකාලික තහනම් නියෝගයක් ද නිකුත් කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here