විවිධ අභියෝග සඳහා මුහුණ දීමට චීනයට පූර්ණ විශ්වාසය හා හැකියාව පවතින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන ආර්ථිකයට තීරුබදු වැනි බාහිර සාධකවල බලපෑම් පිළිබඳව, ඊයේ (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව පැවසුවාය.
චීන ආර්ථිකය ඇගයීමට ජාත්‍යන්තර මාධ්‍ය “අපේක්ෂාව ඉක්මවා යාම” සහ “ඔරොත්තු දීමේ හැකියාව” වැනි වචන භාවිත කිරීම තම අවධානයට ලක්ව ඇති බව ඇය කියා සිටියාය. ඉහළ තීරුබදු බාධකයන්ට මුහුණ දෙමින් තිබියදීත්, චීනයේ විදේශ වෙළඳාම ස්ථාවර වර්ධනයක පවත්වා ගැනීම විශේෂත්වයක් බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය. මෙම වසරේ මුල් මාස හතර තුළ, චීනයේ භාණ්ඩ අපනයනය, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 7.5% කින් ඉහළ යාමත් සමඟ ආනයන හා අපනයන නිමැවුම 2.4% කින් වැඩි වී ඇත. රට තුළ ශක්තිමත් ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉන් පෙන්නුම් කෙරෙන බව Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.