27.6 C
Colombo
Monday, August 25, 2025

ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සිය අපනයන පාලන පියවර උල්ලංඝනය කිරීමේ මුවාවෙන් චීනයේ දියුණු පරිගණක චිප ලොව පුරා තහනම් කිරීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටී. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් යුත් HUAWEI සමාගමේ Ascend චිප ඊට ඇතුළත් ය. මේ පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, ඇමරිකාවේ මෙවැනි පියවර ඒකපාර්ශ්වික හිරිහැර කිරීම් සහ ආරක්ෂණවාදී ක්‍රියාවක් බවයි. සෙසු රටවල දියුණු පරිගණක චිප සහ කෘත්‍රිම බුද්ධිය වැනි අධි තාක්ෂණික කර්මාන්ත සංවර්ධනය කිරීමේ අයිතිය අහිමි කිරීම, ඇමරිකාවේ උත්සාහය වී තිබේ.

ඇමරිකාව අපනයන පාලනයන් අනිසි ලෙස භාවිත කිරීමෙන්, චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට බරපතල ලෙස හානි සිදු කරන බව, චීන වාණිජ අමාත්‍යාංශය කියා සිටී. ඇමරිකාවේ වැරදි පියවර ක්‍රියාත්මක කරන හෝ ඊට සහාය වන ඕනෑම සංවිධානයක් හෝ පුද්ගලයෙකු, “විදේශීය සම්බාධකයන්ට එරෙහි චීන මහජන සමූහාණ්ඩුවේ නීතිය” ඇතුළු අදාළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කළ බවට සැලකිය හැකිය. ඔවුන් අදාළ නීතිමය වගකීම් දැරිය යුතු බව චීනය අවධාරණය කරයි.

තම වැරදි පිළිවෙත් වහාම නිවැරදි කර ගන්නා ලෙසත්, සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here