27.9 C
Colombo
Monday, August 25, 2025

ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි. දරිද්‍රතාව තුරන් කිරීම ගෝලීය ගැටළුවක් මෙන් ම සියලු රටවල පොදු අභිලාෂය බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී. චීනය අප්‍රමාණ වෑයම් දරමින් දරිද්‍රතාව තුරන් කිරීමේ සටනින් ජයග්‍රහණය ලබාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය මගින් නියම කර ඇති දරිද්‍රතාව පිටුදැකීමේ ඉලක්කය චීනය නියමිත කාලයට වසර 10කට පෙර සපුරාලීමට සමත්ව තිබේ. එය චීන ලක්ෂණයෙන් යුත් දරිද්‍රතාව පිටුදැකීමේ සුවිශේෂී මාවතක් බව චීන ජනාධිපතිවරයා පවසයි. දරිද්‍රතාව තුරන් කිරීම සංවර්ධනයට දැඩි සේ බැඳී ඇති ක්ෂේත්‍රයකි. සමෘද්ධිමත් ලොවක් නිර්මාණය කිරීම සඳහා ශැංහයි සහයෝගිතා සංවිධානයේ සෙසු සාමාජික රටවල් සමග සිය දරිද්‍රතාව තුරන් කිරීමේ අත්දැකීම් බෙදා ගනිමින් ප්‍රායෝගික සහයෝගිතා පැවැත්වීමට චීනය බලා‍පොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ති‍බේ.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදය අද (20) චීනයේ Shaanxi පළාතේ Xi’an නගරයේදී ආරම්භ විය. එහි ප්‍රධාන තේමාව ශැංහයි සහයෝගිතා සංවිධාන සාමාජික රටවල දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාම යන්නයි. සහුද අසල්වැසිභාවය, මිත්‍රත්වය හා සහයෝගිතාව සඳහා වන ශැංහයි සහයෝගිතා සංවිධාන කමිටුවේ සභාපතිනි ශෙන් යුඒ යුඒ මහත්මිය එහිදී චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩය ප්‍රකාශයට පත් කළා ය. ඇය සංසදයේ ප්‍රධාන දේශනය ද පැවැත්වූවා ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here