බ්‍රසීලය ඇතුළු රටවල් පහක් සඳහා චීනය වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී මේ ප්‍රතිපත්තිය පිළිබඳව මාධ්‍යවරුන්ට ප්‍රශ්නවලට උත්තර දුන්නේ ය.
මේ වසරේ ජුනි පළමු වැනිදා සිට, ලබන වසරේ මැයි මාසයේ 31වැනිදා දක්වා, බ්‍රසීලය, ආජන්ටිනාව, චිලී, පේරු සහ උරුගුවේ යන රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයින් සඳහා, අත්හදා බැලීමේ පදනමක් මත වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව Lin Jian මහතා පැවසීය. එම රටවල් පහේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති පුරවැසියන්ට ව්‍යාපාර, සංචාරක, ඥාතීන් සහ මිතුරන් හමුවීමට, හුවමාරු චාරිකා, වෙනුවෙන් දින 30 කට නොවැඩි කාලයක් සඳහා චීනයට පැමිණීමේදී වීස බලපත්‍රයක් අවශ්‍ය නොවන බව ඔහු පැවසීය.
චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇති බවත්, තවත් පියවර ක්‍රියත්මක කිරීමෙන් දෙස් විදෙස් ජනතාව අතර හුවමාරු සඳහා පහසුකම් මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කරනු ඇති බවත්, Lin Jian මහතා සඳහන් කළේ ය.