නව ඇමරිකානු තානාපති David Perdue මහතාට සිය රාජකාරී ඉටු කිරීමට පහසුකම් සැලසීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී, චීනයේ නව ඇමරිකානු තානාපතිවරයාගේ චීනයට අදාළ ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් මේ බව පැවසීය.
චීන-ඇමරිකා සබඳතා පිළිබඳ චීනයේ ස්ථාවරය සැමවිටම නොවෙනස්ව පවතී. චීනය සැමවිටම අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, ජයග්‍රාහී සහයෝගීතාව හා අන්‍යෝන්‍ය යහපත යන මූලධර්මවලට අනුකූල ව, චීන-ඇමරිකා සබඳතා සලකයි. ඇමරිකාව චීනය සමඟ සමාන දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද Lin Jian මහතා සඳහන් කළේ ය.