ජපන් ආක්‍රමණයට එරෙහි යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර සැමරීම සඳහා චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය නව ලාංඡනයක් එළිදක්වයි.
චීන මහා ප්‍රාකාරය, ඔලිව් අතු සහ 1945-2025 යන සියල්ල ද සංකේතවත් වන ලෙසින් ලාංඡනය මධ්‍යයේ කහ පැහැ ඉලක්කමින් 80 පෙනෙන සේ එය නිර්මාණය කර ඇත.
මෙහි එන චීන මහා ප්‍රාකාරය චීන ජනතාවගේ එකමුතුකම සහ ධෛර්යය සංකේතවත් කරන අතර, ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය ජය ගැනීමේ දී දේශප්‍රේමය කේන්ද්‍ර කර ගත් සාමූහික ජාතියක වැදගත් කාර්යභාරය පිළිබිඹු කරයි.
එමෙන්ම ඔලිව් අතුවලින් සංකේතවත් කරනුයේ දැඩි ප්‍රතිරෝධයකින් පසු චීන ජනතාව ජයග්‍රහණය හරහා අත්කර ගත් සාමය අගය කිරීමටත් ආරක්ෂා කිරීමටත් ලොව පුරා ජනතාව සමඟ එක්ව සිටින බවත්ය.
තවද දීප්තිමත් බවකින් නිර්මාණය වූ මෙහි “ජයග්‍රහණයේ දොරටුව” ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධී යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය පෙන්නුම් කරන්නකි.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයන් හි 80 වන සංවත්සර සැමරීමට අදාළ සැරසිලි සඳහා මෙන්ම, එහි ප්‍රචාරණය, ඊට අදාළ නිෂ්පාදන සඳහා මෙන්ම අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා මෙම ලාංඡනය භාවිත කළ හැකි බව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය පවසයි.
ජපන් ආක්‍රමණයට එරෙහිව 1931 වසරේ සිට 1945 වසර දක්වා සටන් වැදුණු චීන ජනතාව, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක දායකත්වයක් දෙනු ලැබීය.