27.6 C
Colombo
Monday, August 25, 2025

චීන-ඇමරිකා උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රසාදය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජිනීවාහිදී පැවති චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සිය සතුට පළ කරයි. මහලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric මහතා ඊයේ(12) මේ බව ප්‍රකාශ කළේ ය.

ස්විට්සර්ලන්තයේ පැවති චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සාදරයෙන් පිළිගන්නා බවත්, එය සමස්ත ලෝක ආර්ථිකයට ඉතා වැදගත් ධනාත්මක සංඥාවක් ලබා දෙන බවත් Dujarric මහතා පැවසීය. වෙළඳ යුද්ධය උත්සන්න කිරීම යෝග්‍ය නොවන බවත්, සියලු පාර්ශ්වයන් සංවාද සඳහා එක් වීම අවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම වෙළඳ යුද්ධයකින් කිසිවෙකු ජයග්‍රහණය නොකරන බවත් එකිනෙකා අතර සම්බන්ධතා පළුදු වීම කනස්සල්ලට හේතු වන බවත්  Guterres මහතා පැහැදිලි කළ බව Dujarric මහතා ප්‍රකාශ කළේය. එබැවින් මෙම සාකච්ඡාව නිසැකවම යහපත් ආරම්භයක් බව ද හෙතෙම යළි අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here