27.6 C
Colombo
Monday, August 25, 2025

ගෝලීය ආර්ථික පරිපාලනයේදී ලෝක වෙළඳ සංවිධානයේ කාර්යභාරයට චීනයේ අඛණ්ඩ සහාය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන උප අගමැති He Lifeng මහතා හා ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය අතර හමුවක් පැවැත්වේ. එම හමුව ඊයේ(11) රාත්‍රීයේ ජිනීවාහිදී පැවැත්විණ.

ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගත් බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේදය ජාත්‍යන්තර වෙළඳාමේ අඩිතාලම බව He Lifeng මහතා එහිදී අවධාරණය කළේය. ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණයට පූර්ණ ලෙස ඉදිරිපත් වන චීනය, ගෝලීය වෙළඳාමෙහි එම සංවිධානයේ කාර්යභාරයට අඛණ්ඩව සහයෝගය දක්වන බව ද ඔහු කීය. සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයින්ගේ නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීමෙහි නිරත වන අතර පොදු ගෝලීය අභියෝගවලට මුහුණදීමට වැඩි දායකත්වයක් ලබාදීමට චීනය සූදානම් බව ද චීන උප අගමැතිවරයා සඳහන් කළේය. අනතුරුව චීන ඇමරිකා උසස් පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාවේ තත්ත්වය පිළිබඳව ද  ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කෙරිණ.

වර්තමානයේ ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයින්, නියාමනය මත පදනම් වන බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේදය පොදුවේ ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් වෙළඳ නිදහස්කරණය හා පහසුකරණය මෙන්ම ගෝලීය අඛණ්ඩ සංවර්ධනයේදී ලෝක වෙළඳ සංවිධානයේ වැඩි කාර්යභාරය විදහා පෑම ප්‍රවර්ධනය  කිරීමට කටයුතු කළ යුතු බවත් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here