27.6 C
Colombo
Monday, August 25, 2025

මව් සෙනහස

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මැයි (11) දින මව්වරුන්ගේ දිනයයි. Qi Xin මහත්මිය, තම පුත්‍රයෙකු වන, ෂී ජින්පිං වෙත දක්වන අප්‍රමාණ සෙනහස ඔහුගේ ජීවිතයට බලපාන අයුරු සිහි කිරීම වටී.

තම මවගෙන් වෙන් වී, වෙනත් ප්‍රදේශ වල රාජකාරී කිරීම ඔහුගේ ජීවිතය තුළ සාමාන්‍ය දෙයකි. නමුත්, මවගේ සෙනහස ඔවුන් ව වඩාත් සමීප ව සම්බන්ධ කර ගන්නක් බව කිව හැකිය.

ෂී ජින්පිං ගේ මව Qi Xin මහත්මිය, චීනයේ ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය මධ්‍යයේ, සටන් බිමේ දුෂ්කරතා විඳ, දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල බිම් මට්ටමේ රාජකාරීවල ද නිරත වී ඇත. මේ හේතුවෙන්, ජනතාව සමග අප්‍රමාණ සමීපත්වයක් ඇති කර ගැනීම ට ඇයට හැකිවිය. එම ගුණය තම දූදරුවන්ට ද පුළුල් ලෙසින් බලපා තිබේ.

නායකයෙකු ලෙස රාජකාරී කිරීමේ දී, ඉතා කාර්ය බහුල ව සිටින ෂී ජින්පිංට දෙමාපියන් සමග එක්ව ගත කිරීමේ අවස්ථා බොහෝ දුරට සීමිත ය. Qi Xin මහත්මිය ෂී ජින්පිං වෙත නිරතුරුව ලියුම් ලිවීය. දෛනික ජීවිතය පිළිබඳ පුත්‍රයාගේ සැප දුක විමසීමට අමතරව, දැඩි විනයකින් ක්‍රියා කරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා තිබේ.

ෂී ජින්පිං තමා තුළ ඇති කරගත් දැඩි විනය සහ දූෂණයෙන් තොර පවිත්‍ර ක්‍රියා කලාපය මෙන්ම ජනතාවගේ ජීවනෝපාය සඳහා ඇපකැප වී රාජකාරි කිරීමට හැකි පසුබිම උරුම වූයේ සිය පවුලෙනි.

2001 වසරේ චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයේ, රාජකාරීවල නිරත වීමට අවශ්‍ය වූ නිසා, පවුලේ අයත් සමග එක් වීමට ෂී ජින්පිංට නොහැකි විය. ඔහු දුරකථන ඇමතුමකින් මවගෙන් විමසීමක් කළේ දෛනික ජීවිතයට ඇයට අවශ්‍ය වන්නේ මොනවා ද යන්නයි. ඔහුගේ නිරෝගී බව, රට වෙනුවෙනුත්, ජනතාව වෙනුවෙනුත් ඇපකැප වීම තමන්ට අත්‍යවශ්‍ය දේවල් බව Qi Xin මහත්මිය සඳහන් කළාය.මව් සෙනහසින් හා ඇයගේ මාර්ගෝපදේශයන්ගෙන් ෂී ජින්පිං දිරිගැන්වීම කැපී පෙනෙන්නකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here