27.6 C
Colombo
Monday, August 25, 2025

චීන – ස්වීඩන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරයට දෙරට නායකයන්ගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෙවුණු වසර 75 තුළ චීන-ස්වීඩන සබඳතා ස්ථාවරව පැවති අතර, ආර්ථිකය, වෙළඳාම, විද්‍යාව හා තාක්‍ෂණය, අධ්‍යාපනය, සංස්කෘතිය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරටේ සහයෝගීතාව අඛණ්ඩව පුළුල් වී ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. චීන-ස්වීඩන සබඳතා වර්ධනයට තමා ඉමහත් වැදගත්කමක් ලබා දෙන අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකමින්, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩිදියුණු කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ පුද්ගල හුවමාරු ශක්තිමත් කිරීමට මඟ පෙන්වීම සඳහා Carl Gustaf රජු සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත. බහුපාර්ශ්විකත්වය සහ නිදහස් වෙළඳාමට ඒකාබද්ධව සහාය දීමෙන් දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දෙමින් ලෝක සාමය හා සමෘද්ධියට වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

ස්වීඩනය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය නිමිත්තෙන්, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු වනු දැකීම සිය අවංක අපේක්ෂාවක් බව Carl Gustaf රජුගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. තම රට සහ චීනය අතර මිත්‍ර සබඳතා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here