26.9 C
Colombo
Monday, August 25, 2025

චීනය හා රුසියාව අතර චිත්‍රපට සහයෝගතාව තහවුරු කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“පූර්ව 2030 චීන රාජ්‍ය චිත්‍රපට පරිපාලනය සහ රුසියා සංස්කෘතික අමාත්‍යාංශය අතර චිත්‍රපට නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම” දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීම සිදු කෙරේ.

ඊයේ(8) මොස්කව් හි ක්‍රෙම්ලිනයේ පැවති අදාළ අත්සන් තැබීමේ හා ලිපිලේඛන හුවමාරු කිරීමේ උළෙලට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ද සහභාගී වූහ. එහිදී චීන ජාතික චිත්‍රපට පරිපාලනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා සහ රුසියානු සංස්කෘතික අමාත්‍ය Lyubimova Olga මහත්මිය ලිපිලේඛන හුවමාරු කිරීම සිදු කළහ.

එම සැලැස්ම මගින් දෙරට අතර චිත්‍රපට ක්ෂේත්‍රයේ සහයෝගී නිෂ්පාදන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම, එකිනෙකාගේ චිත්‍රපට හඳුන්වා දීම, චිත්‍රපට උත්සව පැවැත්වීම, චිත්‍රපට ලේඛනාගාර ඒකාබද්ධව ආරක්ෂා කරමින් භාවිත කිරීම සහ “යුරේසියානු චිත්‍රපට සම්මාන” සඳහා සහභාගී වීමට සැලසුම් කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here