26.9 C
Colombo
Monday, August 25, 2025

චීන ඇමරිකා ඉහළ පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාව පැවැත්වෙන්නේ ඇමරිකාවේ ඉල්ලීම මතයි -චීනය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා චීන ඇමරිකා ඉහළ පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙයි.

මාධ්‍යවේදියෙකු සඳහන් කළ පරිදි, ඇමරිකාව සමග සාකච්ඡාවක් පවත්වනු ඇතැයි මෑතකදී චීනය තහවුරු කිරීමෙන් පසුව, ඇමරිකාව තවදුරටත් ප්‍රකාශ කළේ, සාකච්ඡාවට පෙර තීරුබදු පහත නොදමන බවය. තමා ප්‍රථමයෙන් සාකච්ඡාව සඳහා යෝජනා නොකළ බවට ඇමරිකාව පළ කළ ඉඟි සම්බන්ධයෙන් චීනයේ අදහස් කුමක් දැයි ද ඔහු විමසීය.

චීන ඇමරිකා ඉහළ පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය හා වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ සිදු කළ බව සඳහන් කළ ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා, කරුණු තුනක් අවධාරණය කළේය.

පළමුවැන්න, චීනය සමග තීරුබදු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට මෑතකදී ඇමරිකාව විවිධ මාර්ග ඔස්සේ චීනය වෙත කැමැත්ත දක්වා තිබේ. ඇමරිකාවේ තොරතුරු පිළිබඳ නිසි විමර්ශනයෙන් අනතුරුව චීනය ඇමරිකාවේ කැමැත්තට එකඟ වී තිබේ. එනම්, සාකච්ඡාව පැවැත්වෙන්නේ ඇමරිකාවේ ආයාචනයට අනුවය.

දෙවැන්න, තීරුබදු අනිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වීම පිළිබඳ චීනයේ ස්ථාවරය නොවෙනස්ව පවතී. සිය සාධාරණ අයිතීන්, ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණය තරයේ සුරකින චීනය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන් හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේදය ද දැඩිව ආරක්ෂා කරයි.

තුන්වැන්න, මෙවර තීරුබදු යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඇමරිකාව විසිනි. සංවාද මගින් ප්‍රශ්න විසඳීමට ඇමරිකාව අපේක්ෂා කරන්නේ නම් පීඩාවන් එල්ල කිරීම නතර කර, සමාන, අන්‍යෝන්‍ය ගරු කරන හා වාසිදායි පදනම මත චීනය සමග සංවාද ආරම්භ කළ යුතුය. තමා පැවසූ ආකාරයට ක්‍රියා නොකිරීමේ ඇමරිකානු පුරුද්ද චීනය පිළි නොගනී. චීනය සිය මූලධර්මය, ජාත්‍යන්තර සාධාරණය හා යුක්තිය බිලිදී ගිවිසුමකට එළඹීම, කිසිසේත්ම සිදු නොවන බව ද එම ප්‍රකාශකයා අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here