26.9 C
Colombo
Monday, August 25, 2025

චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය හා ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ උසස් පෙළේ නිලධාරීන්ගේ සාකච්ඡාව සම්බන්ධයෙන් චීන වාණිජ්‍ය අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.

චීන විදේශ අමාත්‍යංශය අද (7) නිකුත් කළ ප්‍රකාශයට අනුව, එළඹෙන 9 වනදා සිට 12 වනදා දක්වා චීන උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වන අතරතුර ඇමරිකාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන්  මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අදාළ ස්ථාවරය පැහැදිලි කර ඇත.

මෑතකදී ඇමරිකානු උසස් පෙළේ නිලධාරීන් තීරුබදු ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු නිකුත් කරමින් සක්‍රිය ලෙස විවිධ මාර්ග හරහා චීනයට පණිවුඩ යොමු කර ඇත. තීරුබදු ඇතුළු ප්‍රශ්න කෙරෙහි චීනය සමග සාකච්ඡා පැවැත්වීමට ඔවුහු අපේක්ෂා පළ කළහ. චීනය ඉතා සැලකිල්ලෙන් අදාළ තොරතුරු පිළිබඳ විමසා බලා ඇත. ගෝලීය අපේක්ෂාවන්, චීනයේ අවශ්‍යතා, ඇමරිකානු ව්‍යාපාරික අංශවල මෙන්ම පාරිභෝගිකයින්ගේ ඉල්ලීම් යන සාධක කිහිපය මත චීනය ඇමරිකාව සමග කටයුතු කිරීමට තීරණය කළ බව චීන වාණිජ අමාත්‍යාංශය පැවසීය.

චීනයේ ස්ථාවරය ඉතා පැහැදිලි ය. ඒ, සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය කිසිවිටෙකත් එයට ද පසුබට නොවන බව සහ සාකච්ඡා සඳහා එකඟ වන්නේ නම්, චීනය සිය දොරටු විවෘත කරනු ඇති බව ය. එසේ ම  සාධාරණත්වය, ගෞරවය මෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ මත පමණක් අදාළ සංවාද හා සාකච්ඡා පැවැත්විය යුතු ය. ඇමරිකාව එම සාකච්ඡා ප්‍රයෝජනයට ගනිමින් බලපෑම් කිරීම හා වංචා කිරීම් අඛණ්ඩව සිදු කළහොත් චීනය කිසිවිටෙකත් ඊට ඉඩ නොදෙනු ඇත. එමෙන්ම ඕනෑම ගිවිසුමකට එළඹීම වෙනුවෙන් චීනය සිය මූලධර්ම, ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය කැප නොකරනු ඇති බවද චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here