27.6 C
Colombo
Thursday, August 21, 2025

රැකියා නියුක්තිය හා ආර්ථික වර්ධනයේ ස්ථාවරත්වය වෙනුවෙන් චීන රජයෙන් නව සැලසුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

රට තුළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ක්ෂේත්‍ර පහක නව පියවර ගනු ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම ප්‍රකාශ කරයි. ඊයේ (28) එම කොමිසමේ උප අධ්‍යක්ෂ චාඕ චෙන් ශින් මහතා චීන රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අදාළ කරුණු පැහැදිලි කළේ ය.

රැකියා නියුක්තිය හා ආර්ථික වර්ධනය ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයන් බව ඒ මහතා එහිදී කියා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් රජය ක්ෂේත්‍ර පහක් සඳහා නව පියවර ගනු ඇත. ඒ අනුව රැකියා නියුක්තිය සඳහා වෘත්තීය නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණුව ශක්තිමත් කිරීම ඇතුළු සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. එසේ ම විදේශ වෙළඳාම, පරිභෝජනය සහ ඵලදායී ආයෝජනය ප්‍රවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර තුන කෙරෙහි රජය වැඩි අවධානයක් ද යොමු කර සිටින බව ද චාඕ චෙන් ශින් මහතා පවසයි. තවද රට තුළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ දී ස්ථාවර සංවර්ධනයට සරිලන යහපත් පරිසරයක් ද අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා ප්‍රාග්ධන වෙළඳපොලේ ස්ථාවරත්වය හා ජවය මෙන් ම නිශ්චල දේපළ වෙළඳපොලේ ස්ථාවරත්වය ද පවත්වා ගැනීම ඇතුළු පියවර ගැනීමට ඉදිරියේදී රජය කටයුතු කරනු ඇත. සියලු නව පියවර ප්‍රායෝගික අයුරින් ක්‍රියාත්මක කරමින් ව්‍යවසායන්ට හා මහජනතාවට නිශ්චිතවම සෙත සලසා දෙන බවත්, රට තුළ පවතින තත්ත්වයට අනුකූලව එම පියවර නිසි අවස්ථාවන්හි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ උප අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here