26.4 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාව Haiti ‍රාජ්‍යයට එරෙහිව තීරු බදු පැනවීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව Haiti රාජ්‍යයට එරෙහිව තීරු බදු පැනවීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(21) පැවති Haiti ගැටළුව පිළිබඳ විවෘත රැස්වීමට එක්වෙමින් එක්සත් ජානීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඒ බව පැවසීය.

Haiti රාජ්‍යයේ වත්මන් අර්බුදකාරීත්වය සම්බන්ධයෙන් චීනය කණස්සල්ල දක්වන බව ඔහු සඳහන් කළේය. දිගු කලක් පුරා ඇමරිකාව එරටට හානිකර බලපෑමක් එල්ල කර ඇති අතර, එරට වර්තමාන තත්ත්වයන් පිළිබඳව ඇමරිකාව ප්‍රධාන වගකීම් භාරගත යුතු ය.

පසුගිය දා, ඇමරිකාව හිතාමතාම තම සියලු වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව තීරු බදු ඉහළ දමන බවට ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඌණ සංවර්ධිත රටක් ලෙස නියම කරනු ලැබූ Haiti රාජ්‍යයට එරෙහිව පවා 10%ක ඊනියා ‘මූලික තීරු බදු’ පැනවීමකට ඇමරිකාව ක්‍රියා ක‍ළේය. ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දී සිටින Haiti රාජ්‍යයට එරෙහිව සිය ඒකපාර්ශ්වවාදය, ආරක්ෂණවාදය හා ආර්ථික වංචනිකත්වය ක්‍රියාවේ යෙදවීමෙන් ඇමරිකාවේ හාස්‍යජනකත්වය හා පිළිකුල්සහගතභාවය මනාව පිළිබිඹු වන බව ද Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here