28.2 C
Colombo
Tuesday, August 26, 2025

යුක්‍රේනය හා ඇමරිකාව අතර ඛනිජ ගිවිසුම පිළිබඳ අවබෝධතා ලියවිල්ලට අත්සන් තැබේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුක්‍රේනය හා ඇමරිකාව අතර ඛනිජ ගිවිසුම පිළිබඳ අවබෝධතා ලියවිල්ලට අත්සන් තබා ඇතැයි යුක්‍රේනයේ පළමු නියෝජ්‍ය අගමැති, ආර්ථික අමාත්‍ය Yulia Svyrydenko මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. ගිවිසුමේ කරුණු සංශෝධනය කිරීමෙන් අනතුරුව දෙරට පාර්ලිමේන්තුවේ අවසරය සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය  වන බව ද ඇය කියා සිටියි.

මේ අතර, යුක්‍රේනයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආයෝජන අරමුදලක් පිහිටුවීමට දෙපාර්ශ්වයම දැනට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

යුක්‍රේන ජනාධිපතිවරයා මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ තම රට සහ ඇමරිකාව 17 වැනිදා ඛනිජ සම්පත් ගිවිසුම පිළිබඳ අවබෝධතා ලියවිල්ලකට අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. යුක්‍රේනය සමඟ ඛනිජ ගිවිසුම 24 වන දින අත්සන් කරන බව එදිනම ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here