චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කාම්බෝජයේ නිල සංචාරය අරඹයි. හෙතෙම අද(17) උදෑසන විශේෂ ගුවන් යානයකින් කාම්බෝජයේ නොම් පෙන් අගනුවරට ළඟාවී එරට නිල සංචාරයක් ආරම්භ කළේය.
චීන ජනාධිපතිවරයා වෙනුවෙන් කාම්බෝජයේ Norodom Sihamoni රජු ගුවන්තොටුපළේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.
ෂී ජින්පිං මහතා එහිදී ලිඛිත ප්‍රකාශයක් සිදු කළේය. මෑත වසරවලදී, කාම්බෝජයේ ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර ජනතාවගේ ජීවනෝපාය අඛණ්ඩව වැඩිදියුණු වී ඇත. කාම්බෝජ ජනතාව ජාතික සංවර්ධන ව්‍යායාමයේ නව හා ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ නිසැකවම අත්කර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
ජාත්‍යන්තර තත්ත්වයේ මතුවන විපර්යාසය හමුවේ චීන-කාම්බෝජ සබඳතා සැමවිටම පාෂාණයක් මෙන් ශක්තිමත්ව පවතී. තම රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත් චීනය හා කාම්බෝජය එකිනෙකාට සහයෝගය දක්වයි. දෙරට නව මාදිලියේ ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම සඳහා ආදර්ශයක් සපයා දෙමින් පොදු ඉරමණක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා දායක වී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
කාම්බෝජ නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන්, දෙරට අතර ඉහළ මට්ටමේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය, උසස් තත්ත්වයේ අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව සහ ඉහළ ප්‍රමිතියකින් යුත් උපායමාර්ගික සම්බන්ධීකරණය ගැඹුරු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.