28.2 C
Colombo
Tuesday, August 26, 2025

චීන ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව ප්‍රබල මට්ටමක පවතින බව අවධාරණය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන නි‍ශ්පාදනයන් සම්බන්ධයෙන් ඇමරිකාව තීරු බදු ඉහළ නැංවීම චීනයේ වෙළදාම හා ආර්ථිකයට කෙටි කාලීන වශයෙන් පීඩනයක් එල්ල කළද චීන ආර්ථිකයේ දිගු කාලීන ධනාත්මක මාවතට එමගින් බලපෑමක් එල්ල නොවන බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන්ග් ලයි යුන් මහතා පවසයි. අද (16) පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

ඇමරිකාව තීරු බදු බාධක පැනවීම හා වෙළඳ වංචනිකත්වයන් සිදු කිරීමට දැඩි ලෙස විරුද්ධ බවද හෙතෙම අවධාරණය කළේය. චීන ආර්ථිකය ශක්තිමත් මූලධර්ම හා ප්‍රබල දරා ගැනීමේ හැකියාවෙන් යුතු වන අතර බාහිර අභියෝගයන්ට මුහුණ දී තම ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ විශ්වාසයෙන් හා හැකියාවෙන් ද පොහොසත් බව හෙතෙම කීය. මෙම වසරේ චීන ආර්ථික වර්ධන ඉලක්කය සියයට 5ක් පමණ වන අතර මුල් කාර්තු‍වේදී සියය‍ට 5.4ක වර්ධනයක් වාර්තා කර තිබේ. එය පෙර කාර්තුවට වඩා සියය‍ට 1.2ක වර්ධනයකි. බාහිර පරිසරයේ මතුවන වෙනස්කම්වලට ප්‍රතිචාර වශයෙන් චීනය වර්ධනීය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇතැයි ද චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන්ග් ලයි යුන් මහතා පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here