30 C
Colombo
Thursday, February 26, 2026

අනීතික ධීවර කටයුතු වැළැක්වීමේ ජාත්‍යන්තර ගිවිසුමට චීනය එක් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘අනීතික, වාර්තා කිරීමෙන් හා නියාමනයෙන් තොරව මසුන් අල්ලා ගැනීම වැළැක්වීම, බාධා කිරීම හා මැඩපැවැත්වීමට වරාය රාජ්‍ය පියවර සම්බන්ධ ගිවිසුම’ චීනයේ ක්‍රියාත්මක වෙයි. චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ. මෙම ගිවිසුමට එක් වීමේ ලේඛනය පසුගිය මාර්තු මස 17 වැනිදා චීනය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළේය.

එම ගිවිසුම අද(16) සිට චීනයේ ක්‍රියාත්මක වෙයි. ගිවිසුමට එක්වීම ගෝලීය වශයෙන් සමුද්‍ර හා ධීවර කටයුතු පිළිබඳ පාලනය සහ ජාත්‍යන්තර ධීවර කර්මාන්ත ක්‍රියාපිළිවෙත් ආරක්ෂා කිරීම සඳහා වන චීනයේ වැදගත් පියවරකි

එම ගිවිසුම 2016 වසරේ ජුනි මස 05 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණ. මේ දක්වා යුරෝපා සංගමය ඇතුළු රටවල් හා කලාපීය සංවිධාන 81ක් ඊට එක්ව ඇත

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here