රටේ අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් නීත්‍යානුකූලව ඇමරිකාවට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව චීන රේගු මහ පරිපාලනය පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (14) 2025 වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්විය. චීන රේගු මහ පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වං ලිං චුවෙන් මහතා ඊට එක් වෙමින් මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ ආනයනය හා අපනයනය සම්බන්ධව කරුණු පැහැදිලි කළේ ය.
පසුගිය දා ඇමරිකාව අධික තීරුබදු පැනවීමෙන් චීන-ඇමරිකා වෙළඳාම ඇතුළු ගෝලීය වෙළඳ කටයුතුවලට සෘණාත්මක බලපෑම් එල්ල වී ඇතැයි හෙතෙම එහිදී කියා සිටියේ ය. මෙවන් පසුබිමක සිය නීත්‍යානුකූල අයිතීන් පමණක් නොව ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසි හා ජගත් යුක්තිය හා සාධාරණත්වය ද රැක ගැනීම උදෙසා චීනය ඊට දැඩි ප්‍රතිපියවර ගෙන තිබේ. කුමන බාධා තිබුණ ද චීනය වෙනස් නොවන අන්දමින් සිය විවෘතභාවය වඩාත් ඉදිරියට ගෙන යමින් විවිධ රටවල් සමග අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සහිත ආර්ථික හා වෙළඳ සහයෝගිතා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි වං ලිං චුවෙන් මහතා පවසයි. චීන මධ්‍යම රජයේ උපදෙස් හා තීරණ අනුව රේගු පරිපාලනයේ වගකීම් මැනවින් ඉටු කරමින් රටේ අයිතිවාසිකම් රැක ගනිමින් ඇමරිකාවට එරෙහිව අදාළ ප්‍රතිපියවර නිසි ආකාරයෙන් ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.