28.2 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයට 125%ක තීරුබදු පැනවීමේ ඇමරිකාවේ ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා  ඊයේ (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. ඇමරිකාව හිතාමතාම තීරුබදු පියවර හරහා සෙසු රටවලට දැඩි පීඩන එල්ල කිරීමෙන් වාසී ලබා ගැනීමට උත්සාහ කරන අතර එය විවිධ රටවල අයිතිවාසිකම්, ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහ ලෝක ආර්ථික ස්ථාවරත්වයට දැඩිව හානි කරන බව ඔහු පෙන්වා දෙයි. ඇමරිකාවේ ක්‍රියාවලිය මුළු ලෝකයට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන වැරැද්දක් බව ද ඔහු පැවසීය.

චීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් අහිමි වීමේ දී හෝ, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතීන්ට හානි සිදු වීමේ දී චීන‍යට නොසලකා සිටිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.

ඇමරිකාව තීරුබදු හා වෙළඳ යුද්ධයක් දියත් කිරීමෙහි නියැළී සිටින්නේ නම් චීනය අවසන් මොහොත දක්වා ඊට සටන් කරනු ඇතැයි Lin Jian මහතා පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවට වඩා තම අවශ්‍යතාවට මුල් තැන දෙන ඇමරිකාව, සියලු රටවල අයිතිවාසිකම්වලට පටහැනිව තම ආධිපත්‍යවාදය පෝෂණය කරමින් සිටී. එයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් වඩා දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි Lin Jian මහතා පෙන්වා දුන්නේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here