28.2 C
Colombo
Tuesday, August 26, 2025

විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික කාර්යයන් පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංවාදයක් පැවැත්වේ.ආර්ථික විශේෂඥයෝ සහ ව්‍යවසායකයෝ ඊට එක්වූහ.

බාහිර පරිසරයේ වෙනස්වීම් මගින් දුෂ්කරතා ගෙන දුන්නද  චීන ආර්ථිකය තවදුරටත් බහුවිධ ශක්තිමත් ,දරාගැනීමේ හා ඉහළ විභතාවයකින් යුතු බව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.බාහිර අභියෝගයන්ට මුහුණ දෙමින් ආර්ථික වර්ධනය පවත්වා ගෙනයාම සඳහා එහිදී යෝජනා ද ඉදිරිපත් විය.

එම සංවාදයේදී අදහස් දැක්වූ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙම වසර සාපේක්ෂව විශේෂ තත්ත්වයක්  සහිත වසරක් බව පැවසීය.විවිධ අවධානම් හා අභියෝගයන්ට රට සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇති අතර පළමු කාර්තුවේදී ආර්ථික පුනරුත්තාපනය හා වර්ධනය පවත්වා  ගැනීමට හැකිව ඇතැයි ද චීන අගමැතිවරයා පැවසීය.ඒ අතරම බාහිර කම්පනයන් ආර්ථික මෙහෙයුම් සුමටව පවත්වා ‍‍‍ගෙනයාමට පීඩනයක් එල්ල කරමින් ඇත. චීනය මෙම සියලු අවිනිශ්චිතතාවන්‍ට මුහුණ දීමට මනා ලෙස සූදානම් වී ඇතැයි ද චීන අගමැතිවරයා පැවසීය. දෙවන කාර්තුව හා ඉන් ඉදිරියට කාර්යක්ෂම ආර්ථික කාර්ය සාධනයක් පවත්වා ගෙන යාම අතිශය වැදැගත් බවද හෙතෙම අවධාරණය කළේය. ශක්තිමත් හා කාර්යක්ෂම ප්‍රතිපත්ති  මගින් බාහිර පරිස‍රය තුළින් ‍ගෙන එන අවිනිෂ්චිතතාවන්ට ප්‍රතිචාර දැක්විය යුතු බව සඳහන් කළ චීන අගමැතිවරයා වඩාත් සක්‍රීය සාර්ව ප්‍රතිපත්ති හා දිරිගැන්වීමේ ප්‍රතිපත්ති , පවතින තත්ත්වයට අවශ්‍ය පරිදි නිසි කාලීනව හඳුන්වා දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. චීනය දිගු කාලීන උපායමාර්ගයන්  තුළින් දේශීය ඉල්ලුම  පුළුල් කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම කීය.අදාළ තත්ත්වයන්ට සරිලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් තම ව්‍යාපාරවල වර්ධනය ශක්තිමත් කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනු ඇතැයි  ද චීන අගමැතිවරයා එහිදී අපේක්ෂා පළ කළේය.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here