හොන්ඩුරාස් හි පැවැත්වෙන ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ ප්‍රජාවේ (CELAC) 09 වන සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (9) සුබපැතුම් ලිපියක් යොමු කළේය.
වර්තමාන ලෝකය විශාල පරිවර්තනයකට මුහුණ දීමේදී චීනය සහ ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවල් ඇතුළු “ගෝලීය දකුණ” ශක්තිමත් වෙමින් පවතින බව ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත. මේ අතර, CELAC සංවිධානය කලාපීය සාමය, ස්ථාවරත්වය, සහයෝගීතාව සහ ඒකාබද්ධතාවය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව ඔහු පැවසීය.
ජාත්‍යන්තර වෙනස්කම්වලින් පසු චීන-CELAC සබඳතාව සමානාත්මතාවය, පොදු ජයග්‍රහණ, නවෝත්පාදනය, විවෘතභාවය සහ ජනතාවට ප්රතිලාභ සහිත නව අදියරකට පිවිස ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ද්විපාර්ශ්වික සබඳතාව දකුණු-දකුණු සහයෝගීතාවයේ ආදර්ශයක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
කලාපීය රටවල් සමඟ, පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීන-CELAC සංසදයේ සිව්වන අමාත්‍ය රැස්වීම මෙම වසරේ චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතය. එම රැස්වීමට CELAC සංවිධානයේ සියලුම සාමාජික රාජ්‍යයන් වෙත, චීනය සාදරයෙන් ඇරයුම් කරන බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. එම අවස්ථාව හරහා, ගෝලීය අභියෝග හා වෙනස්කම්වලට මුහුණ දීමටත් ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් දැනුමෙන් සහ ශක්තියෙන් දායක වීමට අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.