28.2 C
Colombo
Tuesday, August 26, 2025

අසල්වැසි රටවල් සමඟ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගිය යුතුයි-චීන ජනපති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අසල්වැසි රටවල් සමඟ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගිය යුතු බව චීන ජනපති පවසයි.

අසල්වැසි රටවලට සම්බන්ධ කටයුතු පිළිබඳ චීන මධ්‍යම රැස්වීම ඊයේ (8) සිට අද (9) දක්වා බෙයිජිංහිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම රැස්වීමට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය.

නව යුගයේ අදාළ කටයුතුවලදී චීන‍ය ලබා ගත් ජයග්‍රහණ සහ අත්දැකීම් පිළිබඳව ෂී ජින් පිං මහතා සාරාංශ කොට පැහැදිලි කර ඇත. මීළඟ අවධියේ ක්‍රියාත්මක කෙරෙන අදාළ කටයුතුවල ඉලක්කය සහ ක්‍රියාමාර්ගය ද එම අවස්ථාවේදී පැහැදිලි කෙරිණ. පොදු ඉරණමක් සහිත අසල්වැසි ප්‍රජාවක් ගොඩනැගීමට අවධානය ‍යොමු කරමින් අසල්වැසි රටවලට සම්බන්ධ කටයුතුවල නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

සාමකාමී, සන්සුන්, සමෘද්ධිමත්, සුන්දර, මිත්‍ර ප්‍රජාවක් ගොඩනැගීමට උත්සාහ කළ යුතු බව එම රැස්වීමේ පෙන්වා දී ඇත. මිත්‍රත්වය, ආරක්ෂාව, පුළුල් ජයග්‍රහණ, අවංකත්වය, පොදු ඉරණමක් සහිත අසල්වැසි ප්‍රජාවක් ගොඩනැගීමේ චින්තනය අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද සඳහන් ‍කෙරිණ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සහ සංවාදයෙන් යුතු ආසියා ආරක්ෂණ මාදිලිය හරහා, අත්වැල් ‍බැඳගෙන සුන්දර අනාගතයක් ගොඩනැංවීමට අපේක්ෂා කරන බව එම රැස්වීමේ දී අවධාරණය කර ඇත.

අසල්වැසි රටවල් සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කළ යුතු අතර, කලාපීය රටවල් තම සංවර්ධන මාර්ගවල ගමන් කිරීමට සහාය දිය යුතු බව එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම, නිෂ්පාදන හා සැපයුම් දාමවල සහයෝගිතාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අසල්වැසි රටවල් අතර හුවමාරුව තවදුරටත් ගැඹුරු කළ යුතු බව එම රැස්වීම පෙන්වා ‍දී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here