28.2 C
Colombo
Tuesday, August 26, 2025

සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කලාපීය සම්බන්ධීකරණ සංවර්ධනය යනු චීනය සිය නවීකරණ ක්‍රියාවලියේදී ක්‍රියාත්මක කරන ඉතා වැදගත් උපාය මාර්ගයකි. විශාල භූමියක් හිමි රටක් වශයෙන් චීනයේ විවිධ ප්‍රදේශ අතර පවතින්නේ එකිනෙකට වෙනස් සංවර්ධන තත්ත්වයන් ය. එම සංවර්ධන පරතරය අවම කරමින් රට සමස්තයක් වශයෙන් සමබර සංවර්ධන ආකෘතියකට හැඩගැන්වීම උදෙසා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් කලාපීය සම්බන්ධීකරණ සංවර්ධනය යන උපාය මාර්ගය ඉදිරිපත් කරනු ලැබිණ. එය වසර 5000ක චීන ඉතිහාසයෙන් උරුම වූ රාජ්‍ය පරිපාලන ඥානය බව ද කිව හැකි ය. මෙම ක්‍රමවේදය තුළ දී රටේ විවිධ ප්‍රදේශයන්හි පවතින තත්ත්වයන් සලකා බලා සමස්ත සංවර්ධන සිතියමක් සැකසීම, පුරාණතන යුගයන් හි සිට පැවත ආ රාජ්‍ය පාලන සංකල්පය වේ. වර්තමානයේ චීනයේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ඒකාබද්ධ වෙළඳපොලක් ස්ථාපිත කිරීම මෙන්ම අධිවේග දුම්රිය ජාලයක් ගොඩ නැගීම තුළ මෙම රාජ්‍ය පාලන සංකල්පය කැපී පෙනෙන බව අමුතුවෙන් කිව යුතු නැත.කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගය යටතේ විවිධ ප්‍රදේශ අතර පවත්නා භූගෝලීය විෂමතා සහ පරිපාලන බාධා ඉවත් කරමින් අන්‍යෝන්‍ය සහයෝගිතා ශක්තිමත් කරමින් රට සතු සම්පත් ඒකරාශී කර උපරිමයෙන් යොදවා ගැනීමට චීන රජයට හැකි වී තිබේ. එසේ ම විවිධ ප්‍රදේශවලට සරිලන අයුරින් එම ප්‍රදේශවලට ආවේණික සම්පත් නිසි ලෙස පරිහරණය කිරීමට පුළුල් අවකාශයක් ද බිහි වෙයි. නව සංවර්ධන අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීම එහි කැපී පෙනේ. නිදසුන් ලෙස ගතහොත්, නැගෙනහිර ප්‍රදේශයට අයත් ශැංහයි නගරයේ ව්‍යවසායන් වයඹදිග චීනයේ ශින් චියං ප්‍රදේශයේ කර්මාන්ත ශාලා ඉදි කිරීමෙන් සිය ව්‍යාපාරික පිරිවැය අඩු කරන අතර ශින් චියං හි රැකියා අවස්ථා පුළුල් කෙරේ. එසේ ම  DJI ඩ්‍රෝන යානා නිෂ්පාදනය ලොව ප්‍රමුඛතම නිෂ්පාදනය බවට පත්ව ඇත්තේ ගුවං තුං පළාත හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප දෙක සමග එක්ව විද්‍යා පර්යේෂණ සම්පත් බෙදා ගැනීමෙන් අනතුරුව ය.කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගය යටතේ චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධන අත්දැකීම්, මධ්‍යම ප්‍රදේශයේ ඉහළ නිෂ්පාදන ධාරිතාව, බටහිර ප්‍රදේශයේ සරු සම්පත් ඒකරාශී වීම යනාදී සාධනීය තත්ත්වයන් දක්නට තිබේ. ඉන් අත්ව ඇති ප්‍රතිඵලය නම් චීන ආර්ථිකයේ සංවර්ධන නම්‍යශීලිත්වය හා අවදානම් තත්ත්ව සඳහා ඔ‍රොත්තු දීමේ හැකියාව වඩාත් වර්ධනය වී තිබීම ය. කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගය, නවීන පරිපාලනය පැරණි චීන ඥානයෙන් පෝෂණය වීමේ ඉසව්වක් යැයි කීම මනා ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here