28.2 C
Colombo
Tuesday, August 26, 2025

චීන ආපදා සහන කණ්ඩායම් වෙත මියන්මාර නායකයාගෙන් පැසසුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගියදා වාර්තා වූ භූකම්පනයෙන් ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීමට පැමිණි චීන ආපදා සහන කණ්ඩායම් වෙත මියන්මාර රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සභාපති ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හේයින්ග් මහතා ස්තුතිය පිරිනමයි.

හෙතෙම ඊයේ (06) සවස එරට Mandalay හි මුදා ගැනීමේ කටයුතුවල නිරත චීන ජාතික සහන කණ්ඩායම, චීන ජාත්‍යන්තර සහන කණ්ඩායම සහ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාප සහන කණඩායම නියෝජනය කරමින් එක්ව සිටි සියලු සාමාජිකයන්ගේ සුව දුක් විමසා බලමින් ඔවුන්ගේ උපරිම දායකත්වය පිළිබඳව ස්තුතිය පළ කළේය.

චීන ආපදා සහන කණ්ඩායම්වල හෘදයාංගම උපකාර චීනය හා මියන්මාරය අතර ජනතාවගේ අවංක සමීපත්වය පිළිබිඹුවීමක් බව මින් අවුන් හේයින්ග් මහතා එහිදී පැවසීය. විදේශයන් හි සිදුකෙරෙන මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන සහන කණ්ඩායම් සතු හසල අත්දැකීම් ඉතා සුවිශේෂී වේ. එබැවින් චීනය සමඟ එක්ව හදිසි මුදා ගැනීම්, ආපදා කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා තහවුරු කිරීමට තම රට අපේක්ෂා කරන බව ද මියන්මාර රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සභාපති ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා සඳහන් කර තිබේ.

ඊයේ (06) දිනය වන විට, චීන ආපදා සහන කණ්ඩායම් විසින් සුන්බුන් අතර සිරව සිටි නව දෙනෙකු බේරා ගනු ලැබ ඇත.

පසුගියදා මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූකම්පනයෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (06) රාත්‍රිය වන විට 3564ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව 5012 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 210 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ නවතම දත්ත වාර්තාවන් හි මෙම තොරතුරු සඳහන්ව ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here