28.2 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රකාශයට චීන වාණිජ අමාත්‍යාංශය විරෝධය පළ කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව සියලු වෙළඳ හවුල්කරුවන් සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරුද්ධත්වය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද(3) පැවසීය. තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය දැඩි ලෙස ප්‍රතිවිරෝධතා ගනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඇමරිකාව වසර ගණනාවක් බහුපාර්ශ්වික වෙළඳ සාකච්ඡා හරහා අත්පත් කරගත්  සමබරතාවය මෙන්ම, දිගු කලක් ජාත්‍යන්තර වෙළඳාමෙන් තමන්ට හිමි වූ විශාල ප්‍රතිලාභ ද නොසලකා හැර ඇතැයි චීන ප්‍රකාශකයා පෙන්වා දෙයි. ඇමරිකාව ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමට තීරණය කළේ, තමන්ට අනන්‍ය ලෙස සහ ඒකපාර්ශ්වික තක්සේරුව මත පමණක් පදනම්වය. එය ජාත්‍යන්තර වෙළඳ නීතිවලට නොගැලපෙන අතර අදාළ පාර්ශ්වයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවන්ට බරපතල ලෙස හානි කරනු ඇත. එය ඒකපාර්ශ්වික හිරිහැර කිරීමේ පුරුද්දක් බව ද ඔහු පහදා දෙයි.

තීරුබදු ඉහළ දැමීම, ඇමරිකාවේ අවශ්‍යතාවලට පමණක් නොව ගෝලීය ආර්ථික සංවර්ධනයට සහ නිෂ්පාදන හා සැපයුම් දාමවල ස්ථාවරත්වයට ද හානිදායක බව ඉතිහාසය සනාථ කර ඇත. ඒකපාර්ශ්වික තීරුබදු ක්‍රියාමාර්ග කඩිනමින් අවලංගු කරන ලෙසත් තම වෙළඳ හවුල්කරුවන් සමඟ ඇති මතභේද සමාන සංවාද මාර්ගයෙන් නිසි ලෙස විසඳා ගන්නා ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here