චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයට අයත් සේනාංක තායිවාන දූපත අවට ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කරයි. යුධ, නාවික, ගුවන් හා රොකට් බලකායන්ට අයත් භට පිරිස් තායිවාන දූපත ආසන්නයේ විවිධ දිශා ඔස්සේ එම අභ්‍යාසයට එක්ව සිටින බව නැගෙනහිර විධානයේ ප්‍රකාශක කර්නල් ෂී යී පැවසීය.
කර්නල්වරයාට අනුව අද (1) ආරම්භවූ එම අභ්‍යාසයේ දී මුහුදු – ගුවන් සටන් සූදානම් මුර සංචාර, ඒකාබද්ධ පූර්ණ අධිකාරීත්වය අත්පත් කර ගැනීම, නාවික හා භූමි ඉලක්ක වෙත පහර දීම, ප්‍රධාන ප්‍රදේශ හා මුහුදු මාර්ග අවහිර කිරීමෙන් හමුදාවන්හී ඒකාබද්ධ මෙහෙයුම් ධාරිතාව පරීක්ෂාවට ලක් කිරීම තුළ ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කෙරේ. ‘තායිවාන ස්වාධීනත්ව’ බෙදුම්වාදී බලවේගයන්‍ට එරෙහිව මෙම අභ්‍යාස මගින් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන අතරම එය චීන ස්වෛරීත්වය හා ජාතික එක්සත්භාවය සුරක්ෂිත කිරීමේ නීත්‍යනුකූල හා අවශ්‍ය පියවරක් යැයිද හෙතෙම පැවසීය.