ඇමරිකානු ජනාධිපති Donald Trumpගේ තීරුබදු ඉහළ නැංවීමේ පියවර සමස්ත ගෝලීය ආර්ථිකයට බරපතල බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric මහතා ප්‍රකාශ කරයි. ඔහු ඊයේ(27) වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.
පසුගිය 26 වැනිදා, ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ආනයනික මෝටර් රථ සහ ප්‍රධාන වාහන අමතර කොටස් සඳහා 25% ක තීරු බදු පැනවීමට නියෝග කළේ ය. මෙය දැනටමත් පවතින වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමට හේතු වනු ඇත්දැයි වාර්තාකරුවෙක් Stéphane Dujarric මහතාගෙන් විමසීය.
ඊට ප්‍රතිචාර වශයෙන් Dujarric මහතා පැවසුවේ, අප ජීවත් වන්නේ අන්තර් සම්බන්ධිත ගෝලීය ආර්ථිකයක බවත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්, ඵලදායී අදහස් හුවමාරු පවත්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් යාන්ත්‍රණයන් හරහා වෙළඳ ආරවුල් විසඳා ගත යුතු බවත් ය. ඇතැම් රටවල් තීරුබදු ඉහළ නැංවීම ගෝලීය ආර්ථිකයට බරපතල බලපෑමක් ඇති කරන බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.